ඓතිහාසික රජරට පුරවරයේ ජය ශ්‍රී මහා බෝ සමිදුන් සෙවනට නුදුරින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලුත්වැව නම් මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ යටතේ ක්‍රියාත්මක වන අප පාසල හරිත වර්ණයෙන් යුත් සුන්දර පාසලකි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙන්, ක්‍රීඩා කෞෂල්‍යයෙන්, සෞන්දර්ය අංශයෙන් දස්කම් දක්වන සිසු පරපුරක් අප පාසල සතුවේ
ඵලදායී පාසලක් විශිෂ්ඨ දරු පරපුරක්
ශ්‍රී ලාංකීය සංස්කෘතික හා ජාතික අනන්‍යතාව සුරකින ඵලදායි පාසලක් තුළින් සමබර පෞරුෂයකින් යුත් දරුවන් පිරිසක් බිහි කිරීම.